Featured News

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2022 වර්ෂයේ
හි එකොළොස් වෙනි ජංගම සේවා වැඩසටහන
අද (02) දින පැවැත්විණි.
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 320 E රොසැල්ල, 320 F වටවල ,320 0 ෂැනන්, 320 R පැන්මූර්, 320 P වැලිඔය යන ග්‍රාම නිලධාරී වසම් වල ජනතාව ඉලක්ක කරගනිමින් ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මියගේ මෙහෙය වීමෙන් මෙම ජංගම සේවයක් පවත්වන ලදි.
මෙහිදී වැඩිහිටි හැදුනුම්පත් නිකුත්කිරීම ,හැදුනුම්පත් ඒකකය මගින් හැදුනුම්පත් නිකුත් කිරීමේ සාමාන්‍ය සේවාව හා එක් දින සේවාව ක්‍රියාත්මක කිරීම , උප්පැන්න සහතික නිකුත් කිරීම සදහා ලිපිගොනු සැකසීම , විවාහ ලියාපදිංචි කරදීම, පාසල් නොයන දරුවන් පාසල් ගත කිරීම , රැකියා අපේක්ෂිතයන් ලියාපදිංචි කිරීමේ හා වෘත්තීය මාර්ගෝපදේශ සේවා , ආබාධිත දරුවන් සදහා සේවා සැපයීම , උපදේශන සේවාව ,කාන්තා හා ළමා ගැටලු නිරාකරණය ඇතුලු සේවාවන් රැසක් සිදු කරන ලදි..

 

318003032 455792960050699 1740042163792900602 n

317975757 455793110050684 5786131249853139025 n

318003032 455792960050699 1740042163792900602 n

318019661 455793163384012 1037225020541014360 n

318114617 455793096717352 4736777107092273469 n