Featured News

2022/2023 ශ්‍රී පාද වන්දනා සමය අවසන් කිරීමට ආදාල කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගියදා නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේදී පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයේන් පැවැති මෙම සාකච්ඡාවේ දි එලබෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනෙන් අවසන් සිරිපා වන්දනා සමයේ අවසන් පිංකම් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සිදුවිණි.
මෙම අවස්ථාවට අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

342913781 248894220887357 777771655027479291 n343204828 1557371998121680 5639466141494552624 n343209456 1189594889103712 2145278388337494049 n343345342 1229093311145715 1030800773975054592 n343425783 977656589952401 6364670000985956922 n