USAID ආයතනය මගින් ක්‍රියාවට නංවන සමාජ ඒකාග්‍රතාවය සංහිඳියා ක්‍රියාකාරකම වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීමේ වැඩසටහන 2024.01.31 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණ.
USAID Social Cohesion and Reconciliation Activity (SCORE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන Global Communities ආයතනය මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඒයටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායිකාවන් බලගැන්වීමේ අරමුණ පෙරදැඩිව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති සේවා පියස මධ්‍යස්ථානය වැඩිදියුණු කර සංවර්ධනය කිරීම, යාපනය දිස්ත්‍රික්කය තුල පමනක් ක්‍රියාත්මක වන ආකාරයේ ආකෘතික උපදේශන මධ්‍යස්ථානයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල ස්ථාපිත කිරීම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් ඉදිකල නෝර්වුඩ් සහ තලවාකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වල සංවර්ධන කටයුතු සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ ව්යවසායිකයින් නගාසිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
මෙම සමාරම්භක වැඩසටහනට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා. SCORE ව්‍යාපෘති ප්‍රධානී ජෙයදේවන් කාර්තිගෙයන් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය. ප්‍රාදේශීය ලේකම්වරුන්, SCORE ව්‍යපෘතියේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, කාන්තා සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී රසිකා ජයසිංහ මහත්මිය මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.


















