මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අනුබද්ධ සුබසාධන ප්රතිලාභ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන අස්වැසුම" දෙවන අදියර වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරාගැනීම සදහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2024.03.28 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැදවීම 2024 මාර්තු 24 වන දිනෙන් අවසන් විය. එම අයදුම්පත් ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් සමීක්ෂණය කර සුදුස්සන් තෝරා පත්කර ගැනීම හා එම තොරතුරු පද්ධතියට ඇතුලත් කිර්‍ර්ම සම්බන්ධයෙන් පුහුණුකරුවන්ට අවශ්‍ය දැනුම මෙහිදී ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය, මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සමාජ ආරක්ෂණ විශේෂඥ උපුල් භ්‍රාහ්මණගේ මහතා, සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ තොරතුරු තාක්ෂණ නායිකා විශ්මි ශිවලිංගම් මිය. සමාජ සුබසාධක මණ්ඩලය සහකාර කොමසාරිස් හිරුණි කළුආරච්චි මහත්මිය, ප්‍රාදේශිය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්,සියලූම මාණ්ඩලික නිලධාරීන්,ප්‍රාදේශීය WBIU නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය


















