සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පවත්වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සමගාමිව දිස්ත්‍රික් මට්ටමෙන් සුදුස්සන් තෝරාගැනීමේ නුවරඑළිය දිස්ත්‍රික් තරගාවලිය 2024.03.28 වන දින නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත නියෝජනය කරමින් විවිධ කාණ්ඩ යටතේ තරගකරුවන් මෙම තරගාවලියට සහභාගී වූ අතර මීටර් 100,200,400 යගුලිය දැමීම, හෙල්ලය විසිකිරීම, දුර පැනීම යන ජවන හා පිටිය ඉසව් වලින් මෙම තරගාවලිය සමන්විත විය
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමාජ සේවා අංශ මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවූ අතර නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන අංශය සහ ක්‍රීඩා නිලධාරීන් මෙහි තරග විනිශ්චය කටයුතු සිදු කළහ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය සංවිධානය කල අතර ජයග්‍රහයකයින් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රධානයට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනිකා කවිසේකර මහත්මිය සහභාගී වුවාය.
මෙම තරගාවලියට CBR ස්වෙච්චා සේවකයන්, ස්වශක්ති සංවිධානවල නිලධාරීන්, අබාධ සහිත වුවන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය






















