කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය වැඩසටහන් මාලාවේ "විගමනික හරසර" නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන 2024/05/17 වන දින කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණ.
මෙම සමාරම්භක වැඩසටහනේදී විදේශගතව සිට පැමිණ සාර්ථකත්වයට පත් වූ විගමනික ශ්‍රමික පවුල වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇගයීම් වශයෙන් රුපියල් 50,000 බැගින් ලබා දීම, ශ්‍රමික පවුල් සඳහා ස්වයං රැකියාවල නියැලීම පිණිස ලබා දෙන රුපියල් ලක්ෂයක මුදලින් රුපියල් 50,000ක ප්රදානය කිරීම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වාර කිහිපයක් ලබා ගත් ශ්‍රමිකයන් සඳහා සතොස වවුචර් පිරිනැමීම, විගමනික ප්‍රජාවේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා ඇස් කණ්නාඩි සහ රෝදපුටු ප්රදානය කිරීම, දිස්ත්‍රික්කයේ විදුහල් සදහා smart board ප්‍රධානය කිරීම , විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සහ සෙසු විගමනික ශ්‍රමික පවුල් වල දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහිත බෑග් ලබා දීමද මෙහිදී සිදු කෙරිණ.
මෙම සමාරම්භක වැඩසටහනට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා, කම්කරු සහ විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති එස්.බී දිසානායක මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා, ඇතුළු මහජන නියෝජිතයින් . නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලාල් සමරසේකර, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ. ජයසුන්දර, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එන්.ආර්. කිරිඇල්ල, කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික ජෙෆ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද විදුහල්පතිවරුන් විගමණික පවුල් වල දරු දැරියන් පවුල් වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය






















