නුවරඑළියේ වසන්ත සැමරුම් නිල වශයෙන් ඇරඹේ.
================
නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට මෙම සමාරම්භක උත්සවය පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතා සහභාගි විය.
නුවරඑළිය මහ නගර සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළිය අප්‍රේල් මාසය පුරාවට පැවැත්වෙන අතර තුරග තරග, මෝටර් රථ හා මෝටර් බයිසිකල් ධාවන තරග, මල් දැක්ම, සරුන්ගල් තරග ඇතුළු ඉසව් රැසකින් සමන්විත වේ.
මෙම අවස්ථාව ට, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, නුවරඑළිය නාගරික කොමසාරිස් එච්.එම්. බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.





















