2022 කාන්තා දිනයට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිරිය කාන්තාවන් ඇගයීමේ වැඩසටහනක් සහ සුහද හමුවක් කර්මාන්ත අමාත්‍ය නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.03.10 නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ශ්‍රීලංකා පළාත් පාලන සංසදය මගින් පවත්වන්නට යෙදුණු සම්මාන ප්රධානෝත්සවයේ "බිජ සංරක්ෂණ ව්‍යාපෘතිය" ග්‍රන්ථය සදහා ශ්‍රීලංකාවේ හොදම ව්‍යපෘති යෝජනාවට හිමි සම්මානය දිනා ගත් හිටපු පළාත්සභා මන්ත්‍රිනී විමාලි කරුණාරත්න මහත්මිය ඇගයීමට ලක් කිරීමද මෙම උත්සවයේදී සිදු කෙරිණ.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා. හිටපු නගරාධිපති,නාගරික මන්ත්‍රී මහින්ද දොඩම්පෙගම මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජීවා බෝධිමන්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් කාන්තාවන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


















