පවතින දේශපාලන ක්‍රමය කුමක් වූවත් මව් රටේ ජනතාව වෙනුවෙන් විදේශ විනිමය එවිමට කටයුතු කිරීම අනාගතයේ විදෙස් ගත වීමටය බලාපොරොත්තු වන ඔබේ මහගු වගකීමක් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙත ජපන් රැකියා අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය ජපන් භාෂා පුහුණු පාඨමාලාවක් පිලිබඳ දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ පැවැති වැඩසටහනක් අමතමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පැවසිය.
දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කලේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් විදෙස් ගත පිරිස් මව් රටට ලබා දෙන විදේශ විනිමය මහගු පිටුවහලක් වන බවය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා කේන්ද්‍රය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් අංශයේ, හයිලෑන්ඩ්ස් හොටල් පාසල සහ බෙන්කියෝ නිහොන්ගො ගක්කො ආයතන සමග එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම පාඨමාලාව ට තෝරා ගන්නා පිරිස සදහා පාඨමාලා ගාස්තුවෙන් කොටසක් රාජ්‍ය නොවන සංවිධාන දෙකක් එක්ව ගෙවීමට ද අවශ්‍ය කටයුතු කර තිබිමද විශේෂ වේ.
මෙම අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.




















