රාජ්‍ය විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන පිරිස් සඳහා සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ උත්සවයක් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජේෂ්ඨ ඉන්ජිනේරු පි.එස්.එස්. දික්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදී පැවැත්විය.
මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමාජ ආරක්ෂන හිමිකම් ලබාදීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කල
ග්‍රාම නිලධාරීන් 34ක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එක් අයෙක්, ප්‍රාදේශීය ලේකම් වරුන් සිව්දෙනෙක්, සමාජ සේවා නිලධාරීන් තිදෙනෙක් සහ පරිපාලන ග්‍රාම නිලධාරී දෙදෙනකු ඇගයිමට ලක් කිරිම සිදු විය .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කේ.ඒ.එස්.ප්‍රසන්න කළුආරච්චි මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.



























