නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෝපි වගාව ව්‍යාප්ත කිරීම සඳහා ජපානයේ කියෝතා සමාගම මගින් ආරම්භ කර ඇති ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා කියෝතා පවුලේ සාමාජිකයින් පසුගිය 10 වන දින සංචාරයක නිරත විය.කියෝතා පවුලේ ප්‍රධානි කසුසුකි කියෝතා මහතා සමඟ අකිතෝ කියෝතා සහ ටොම්කෝ කියෝතා යන සාමාජිකයින්ද මෙම සංචාරයට එක් විය.
වසර 20ට වැඩි කාලයක් ලංකාවේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන කියෝතා සමාගමේ ප්‍රධානි කසුසුකි කියෝතා මහතා 100 වාරයකට වඩා ලංකාවේ සංචාරය කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කරන ලදි.පසුගිය කොරෝනා වසංගත සමයේ ලංකාවේ නිෂ්පාදන ජපානයේ අලෙවිකර එම මුදල් කොරෝනා වසංගතයෙන් පීඩා විදි ලංකාවේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් ලබා දුන් බවද මෙහිදී අවධාරණය කරන ලදි.
මෙම සංචාරයේ දී කියෝතා පවුලේ සාමාජිකයින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා හමු වූ අතර ලංකාවේ කෝපි වගාව සම්බන්ධයෙන් කසුසුකි කියෝතා මහතාගේ අදහසක් අනුව කම්බර සන් විසින් ජපන් බසින් සම්පාදිත ග්රන්ථයක් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබා දීමද මෙහිදී සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා නුවරඑළිය දිස්ත්‍රික් කෝපි වැටිය ආශ්‍රිතව පැල ලක්ෂ 40ක් රෝපණය කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට පැල ලක්ෂ 05 පමණ රෝපණය කර ඇති බවත් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම මුහුදු මට්ටමේ සිට අඩි 2800-5000 අතර ඉතා සාර්ථකව වගා කල හැකි කොෆියා ඇරබිකා ලක් පැරකුම් කෝපි ප්‍රභේදය නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට හේතු වී ඇති බවටද ප්‍රකාශ කරන ලදි. කියෝතා පවුලේ සාමාජිකයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෝපි වගාව ව්‍යාප්ත කිරීමට තව දුරටත් අවශ්‍ය උපකාර සිදුකරන බවටත්,එම නිෂ්පාදන සියල්ලම තම සමාගම මගින් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවටත් මෙම අවස්ථාවට සහභාගි වූ කියොතා සමාගම වෙනුවෙන් කසුසුකි කියෝතා මහතා පොරොන්දු විය.
මෙම අවස්ථාවට කියෝතා කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් කළමණාකරණ අධ්යක්ෂ නලින් ප්‍රියන්ත මහතා සහ ගල්ගඩපතන ග්‍රාම නිලධාරි තුසාන්ත කොඩිතුවක්කු යන අය සහභාගි විය.
















