දිස්ත්‍රික්කයේ උපකාරයක් අවැසි ජනතාව නිසි පරිදි හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක වීම "හෙල්පින් නුවරඑළිය" වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.
හෙල්පින් නුවරඑළිය වැඩසටහනේ තවත් අදියරක් වලපනේ යටිමාදුර ප්‍රාථමික විද්‍යාලයේ දි පසුගිය (6) දා ආරම්භ කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව අවධාරණය කළේය.
දිස්ත්‍රික් ලේකම්වරයාගේ සංකල්පයකට අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන හෙල්පින් නුවරඑළිය වැඩසටහන දිස්ත්‍රික්කයේ පිහිටක් අවැසි ජනතාව උදෙසාම සංවිධානය වු වැඩසටහනකි.
වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතා දුෂ්කර පාසලක් වන මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ දරුවන් සියලු දෙනා සඳහා නව පාසල් වාරයට අවශ්‍ය පොත්පත් ඇතුලු පාසල් උපකරණ බෙදා දීම මෙහිදී සිදුවිය. එහි වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න වේ.
එම දරුවන්ගේ පවුල් සඳහා ලක්ෂ 3 ට ආසන්න වියලි ආහාර ද්‍රව්‍ය මෙහිදී ප්‍රධානය කිරීමද සිදු විය.
දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන අතරින් SOS ආයතනය සහ WORLD VISION ආයතනය මෙම කාර්ය සඳහා දායකත්වය ලබා දී තිබුණි.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජීවා බෝධිමාන්න, වලපනේ ප්‍රාදේශීය ලේකම් ශාලිකා ළිඳ කුඹුර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය























