Featured News

2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු හෙට (සැප්තැම්බර් 21) පෙ.ව.7.00 සිට ප.ව.4.00 දක්වා සිදු කිරීමට නියමිත අතර ඊට අදාළව නුවරඑළිය දිස්ත්රික්කයේ ඡන්ද මධ්යස්ථාන 534 ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (20) උදෑසන සිට නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ දී සිදු කෙරිණි.
‌අද උදැසන නුවරඑළිය නව නගර ශාලාවේ දි ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුනට හිමි වාහන ලබාදීම සිදුවිය. ඉන් අනතුරුව ගාමිණි ජාතික පාසලේ පිහිටි ප්රධාන ගනන් කිරීමේ මධ්යස්ථානයෙන් ඡන්ද පෙට්ටි ඇතුළු උපකරණ ලබාගැනීමෙන් අනතුරුව පොලිස් ආරාව මධ්යයේ ඡන්ද පෙට්ටි අදාල මධ්යස්ථානය වෙත ප්රවහානය කිරීම සිදුවිය.
මෙහිදි මාධ්ය ඇමතු දිස්ත්රික් තේරිම්බාර නිලධාරි, දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා සඳහන් කලේ ඡන්ද පෙට්ටි අදාල මධස්ථාන වෙත ගෙන ගිය පසු සවස් කාලයේ ඡන්ද පොල කාර්ය මණ්ඩලය සඳහා දැනුවත් කිරීම් සහ පෙර පුහුණු පැවැත්වීමට නියමිත බවය.460628577 841045318192126 4147396716035579039 n
460578264 841041678192490 340404478162086091 n
459872261 841041674859157 4369014933640713149 n