Featured News

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්, Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ දියත් කරනු ලබන ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 ට අදාලව නිර්ණායක පැහැදිලි කිරීමේ නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් වැඩසටහන් ත්‍රිත්වයක් පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවත්විණි.
මෙම වැඩසටහන් මාලාවේදී රාජ්‍ය අංශයේ නිර්ණායක පැහැදිලි කිරීම හා නිෂ්පාදන හා සේවා අංශයේ නිර්ණායක පැහැදිලි කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ඵලදායිතා නිලධාරී ඉෂාන් රත්නකමල් මහතාද, පාසල් අංශයේ නිර්ණායක පැහැදිලි කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ඵලදායිතා නිලධාරි කමල් කංකානම්ගේ මහතා ද සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති රාජ්‍ය ආයතන,පාසල් හා නිෂ්පාදන හා සේවා සපයන ආයතන රැසක් නියෝජනය කරමින් දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් ,විදුහල්පතිවරුන්,ගුරු භවතුන් සහ දිස්ත්‍රික්කයේ ඵලදායිතා නිලධාරීන් මෙම වැඩසටහන් මාලාව සඳහා සහභාගි අතර නුවරඑළිය දිස්ත්‍රික් ඵලදායිතා සංවර්ධන අංශය විසින් මෙය සංවිධානය කර තිබිණි .
මෙම අවස්ථාව ට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එච්. කේ.එම්.ඩී.කේ. කවිසේකර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුඹුර මහත්මිය , ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සහාකාර අධ්‍යක්ෂ දර්ශනී රණසිංහ මහත්මිය, සහා සහකාර දිස්ත්‍රික් ලේකම් එස්.භාෂණි සමරසේකර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
1
2
3
4
5
6
7
8
9
10
11