නව රජයේ සංවර්ධන වැඩපිළිවෙල සමග එකාබද්ධ වෙමින් නුවරඑළිය ජනතාවට සෙත සැළසීම රාජ්ය නොවන සංවිධාන වල ප්රධාන කාර්ය බව නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි හා දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු සභාපති මංජුල සුරවීර ආරච්චි මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පැවසුවේ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දි පසුගිය (12) දා පැවැති දිස්ත්රික් රාජ්ය නොවන සංවිධාන ප්රගතිය සමාලෝචන රැස්වීම ට එක් වෙමින්.
නව රජයේ සංවර්ධන කටයුතු සමග මෙම සංවර්ධන කටයුතු ගලපාගන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදී
මන්ත්රීවරයා පෙන්වා දෙන ලදී.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ගේ මෙහෙය වීමෙන් පැවැති මෙම වැඩසටහන දිස්ත්රික් රාජ්ය නොවන සංවිධාන අංශය විසින් සංවිධානය කර තිබිණි.
2025 වර්ෂයේ ජනවාරී සිට ජුනී දක්වා රාජ්ය නොවන සංවිධාන දිස්ත්රික්කයේ සිදුකරන ලද ක්රියාකාරකම් වල ප්රගතිය විමසා බැලීම මෙහිදී සිදු විය.
මෙම වැඩසටහන සදහා අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුඹුර මහත්මිය, ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.


















