Featured News

දිට්වා ආපදා හේතුවෙන් විනාශවු නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාරීමාර්ග නැවත ගොඩනැගිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ජනවාරි මස 10 දින සිට 14 දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බව නුවරඑළිය

දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාආරච්චි මහතා පැවසීය.

සභාපතිවරයා තව දුරටත් සදහන් කලේ සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා ප්‍රමුඛ 3000ක පමණ සහෝදර ජනතාවගේ සහාභාගීත්වයෙන් මෙම මහා ශ්‍රම මෙහෙයුම ක්‍රියාත්මක වන බවය.

දිට්වා ආපදා හේතුවෙන් විනාශවු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුළු සහ මධ්‍ය පරිමාණ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සොයා බැලීම වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (02) පැවැති විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීම ට එක්වෙමින් ඔහු මෙම අදහස් පැවසීය.

වලපනේ, නිල්දණ්ඩාහින්න, හගුරන්කෙත, මතුරට සහ කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විනාශ වි ඇති වාරිමාර්ග වල මෙම ශ්‍රමදාන ව්‍යාපාර පැවැත්වෙන අතර ඉන් පෝෂණය වන වගා බිම් එලබෙන වගා කන්නයේම වගාකිරීමට අවශ්‍ය ජලය ලබාදීම මෙමගින් අපේක්ෂා කෙරේ.

කිතුල්පේ, බෝධි ඇල, මා ඇල, ලැමසුරිය, මුල්හාල් ඇල, බොලගන්දාවෙල සහ කීනවල යන මහ වාරි ව්‍යාපාර 7 ත්, ප්‍රමුඛත්වය මත තෝරා ගත් සුළු වාරිමාර්ග 75 ක ප්‍රමාණයක් මෙහිදී ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

මෙම විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කලෙයි චෙල්වි, අනුෂ්කා ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් දම්මික රණතුංග, කෘෂිකර්ම අමාත්‍යතුමාගේ උපදේශක ඩබ්.එම්.එස්. විජේකෝන් යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

1
2
3
4
5
6
7