2022/2023 ශ්‍රී පාද වන්දනා සමය අවසන් කිරීමට ආදාල කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගියදා නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේදී පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයේන් පැවැති මෙම සාකච්ඡාවේ දි එලබෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනෙන් අවසන් සිරිපා වන්දනා සමයේ අවසන් පිංකම් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සිදුවිණි.
මෙම අවස්ථාවට අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

















