රජයේ නව බදු ප්රතිපත්තිය ක්රියාත්මක වන ආකාරය පිලිබඳව රාජ්ය නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (31) දින නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි පැවැත්වීනි.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබේ.
නුවරඑළිය දිස්ත්රික්කයේ තොරාගත් රාජ්ය ආයතන ප්රධානින් සහ විෂය සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් වෙනුවෙන් පැවති මෙම වැඩසටහන සඳහා දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කැලුම් විජේරත්න මහතාගේ සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

















