Featured News

නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින උදැසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චාර්ය ශාලාවේදි පැවැත්වීණි. දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන වල ප්‍රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුකල අතර කෘෂිකර්ම කමිටුවට ලැබී ඇති ලිපි පිලිබදව සාකච්ඡා කිරීමද සිදුවිය.


මෙම රැස්වීම සඳහා දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල රාජ්‍ය නිලධාරින් හා සියළු ගොවි ජන සේවා මධ්‍යස්ථාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

 

393637860 642082131421780 5525332842777482502 n393502534 642082118088448 8628048177426172892 n391664874 642082054755121 8647276550787374928 n391670870 642082041421789 2963600975499640583 n392931319 642082104755116 7968068996968962689 n393233795 642081994755127 3490239622015549097 n393257061 642082158088444 6475320914964154585 n393464790 642082091421784 1876342705444998944 n