Featured News

අයහපත් කාලගුණ තතත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්රික්කයේ ඇතිවූ හදිසි ආපදා තතත්වය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (28) දින නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී පැවැත්විණ.
දිස්ත්රික්කයේ ආපදාවලට පත් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කල අතර ආපදා කළමණාකාරණ කමිටුවට කැදවන ලද රාජ්ය ආයතන වල ප්රගති සමාලෝචනයක්ද සිදුකෙරිණ.
දිස්ත්රික්කයේ ආපදා අවධානම් කලාප සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කල අතර කදපොල ප්රදේශයේ ජලගැලීම් පාලනයට ගතයුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණ.
ආපදාවන්ට පත් වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් විධිමත් යාන්ත්රණයක අවශ්යතාවය මෙහිදී මතු වූ අතර ඒ වෙනුවෙන් අවශ්ය උපරිම සහය ලබාදෙන බව සම සභාපතිවරයා ප්රමුඛ දේශපාලන නියෝජිතයින් නිලධාරීන් හමුවේ ප්රකාශ කලෝය.
මෙම අවස්තාවට පාර්ලිමේන්තු මන්ත්රී ආර්.පී විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්රීනී ක්රිෂ්නන් කලෙයිචෙල්වි මහත්මිය,පාර්ලිමේන්තු මන්ත්රීනී අනුෂ්කා තිලකරත්න ඇතුළු දේශපාලන නියෝජිතයින්, නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය
468622177 889838749979449 6085331007740830799 n
468434660 889838806646110 932115666493509622 n
468285051 889838859979438 8062663414625621948 n
468603059 889848913311766 6616261148289097623 n