රජයේ වාහන භාවිතය හා නඩත්තුව පිළිබද පුහුණු වැඩසටහනක් 2022.10.17 වන දින නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණ.
රජයේ වාහන භාවිතය, නිසි පරිදි නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම, ධාවන සටහන් නඩත්තු කිරීම හා නීතිමය තත්වයන් සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සහ ප්රාදේශීය ලේකම් කාර්යාලවල රියදුරු මහතුන් සහ වාහන විෂය භාර නිලධාරීන් දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය.
විගණන අධිකාරී පී. ලියනගේ මහතා මෙම වැඩසටහනට සම්පත් දායකත්වය සැපයු අතර මෙම අවස්ථාවට සහකාර දිස්ත්රික් ලේකම් එස්.පී. ලිදකුඔුර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.
- You are here:
-
Home
-
Error 404
-
News & Events
- රජයේ වාහන භාවිතය හා නඩත්තුව පිළිබද පුහුණු වැඩසටහනක් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී












