නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් හට සම බල ආහාර වෙලක් ලබා ගැණිමට අවස්ථාව උදාකරමින් "අපෙන් අපට එලවලු" වැඩසටහන අද (08) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි ආරම්භය විය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත ආරම්භය කල මෙම වැඩසටහන යටතේ කාර්යාලීය නිලධාරීන් විසින් තමන්ට ලබාදීමට හැකි එලවලු සහ පලතුරු සහන මුදලක් අය කරමින් මෙම වැඩසටහනට ලබා දෙන අතර ඒවා අවශ්‍ය නිලධාරීන් අදාල මුදල ගෙවා ලබා ගැණිම සිදු කරයි.
මෙම වැඩසටහන ආරම්භ කිරිම අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධ්මාන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .
පරිපාලන නිලධාරි පි.කේ. සුරවීර මහත්මිය සහ දිස්ත්‍රික් සමජ ආරක්ෂන නිලධාරි ඩේසික ජයලත් මහතා මෙම වැඩසටහන සම්බන්ධිකරණ සිදු කරන අතර කාර්යාලීය සියලු නිලධාරීන් මේ සඳහා සක්‍රියව දායකත්වය දැක්විම විශේෂිතය.
සතියකට එක් දිනක් මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබේ .



.















