නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2024-03-14 දින එහි සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණි. රාජ්‍ය ආයතන මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය සොයා බැලීම සහ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡාවක් මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
නුවරඑළිය.
























