Featured News

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද(27) පස්වරු 4 වන විට නුවරඑළිය දිස්ත්රික්කයේ පවුල් 226 ක පුද්ගලයින් 898 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව ඇති බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා සදහාන් කරයි.
ඔහු තව දුරටත් සදහාන් කලේ අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 147 කට අර්ධ හානි සිදුවි ඇති බවත්, පවුල් 75 ක පුද්ගලයන් 298 ක් සුරක්ෂිත මාධ්යස්ථාන 7 ක රදවා ඇති බවත්ය.
නුවරඑළිය කොට්ලෝජ් වත්ත, සමර් හිල් පාසලේ පිහිටි සුරක්ෂිත මාධ්යස්ථනයේ පුවුල් 37 ක පුද්ගලයන් 161 ක් රැදි සිටින අතර නායයාමෙ අවදානම හේතුවෙන් මෙම පිරිස එහි රදවා තිබේ.
එසේම කොන්කොඩියා වත්ත නායයාමෙ අවදානම හේතුවෙන් කොවිලේ පිහිටි සුරක්ෂිත මාධ්යස්ථානයේ පුවුල් 14 ක පුද්ගලයන් 54 ක් රැදි සිටියි.
වලපනේ කුරුදුඔය ඇල්මා පෙර පාසල
පුවුල් 14 ක පුද්ගලයන් 47 ක් ද පණ්ඩිතයාකුඹුර පාසලේ පිහිටි සුරක්ෂිත මාධ්යස්ථානයේ පුවුල් 8 ක පුද්ගලයන් 25 ක් ද රැදි සිටියි.
එසේම කොත්මලේ, ඩන්සිනන් කොරෙන්ජි පාසලේ පිහිටි සුරක්ෂිත මාධ්යස්ථානයේ පුවුල් 5 ක පුද්ගලයන් 32 ක් රැදි සිටියි.
හගුරන්කෙත දිගලහින්න ප්රජා ශාලාවේ හා හොප් මැදකොටස වතු ගොඩනැගිල්ලේ සුරක්ෂිත මාධ්යස්ථානය 02 ක් පිහිටුවා ඇති අතර දිගලහින්න ප්රජා ශාලාවේ එක් පවුලක පුද්ගලයන් 03 ක් සහ හොප් මැදකොටස වතු ගොඩනැගිල්ලේ එක් පවුලක පුද්ගලයන් 08 ක් රැදි සිටියි.
පිඩාවට පත්වුවන් සදහා සහන සැලසීමට අවශ්ය පියවර ගෙන ඇති බවත්, සුරක්ෂිත මාධ්යස්ථාන වලට අවශ්ය ආහාර ඇතුළු පහසුකම් සැලසීමට කටයුතු කර ඇති බවත් දිස්ත්රික් ලේකම්වරයා තව දුරටත් පැවසීය.
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය
 
468747882 903040425351529 4292382760698271542 n
468638215 903040465351525 1973713928543907349 n
468706568 903040502018188 4857625448072799737 n