Featured News

සිංහල, දමිල, මුස්ලිම් ඇතුළු විශාල ජන සහාභාගීත්වයෙන් අභීමානවත්ව නුවරඑළිය දි පැවැති ජාතික වෙසක් උත්සවය සාර්ථක කරගැනීම සදහා කැපවු සැමදෙනාටම ස්තුතිය පුදකරණ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.
ඇය තව දුරටත් සදහාන් කලේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් පැවැති මෙම පිංකම සාර්ථක කරගැනීම සදහා ස්භාවධර්මයේ ආශිර්වාදයද ලැබුණු බවය.
Clean Sri lanka වැඩසටහන යටතේ අද (19) දින නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මන්දිරයේ දි ආරම්භ වු නගරය පිරිසිදු කිරිමේ ශ්‍රමද‍ානයට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්තුමිය මෙම අදහස් පැවසිය.
පුරා සතියක කාලයක් නුවරඑළිය නගරය කේන්ද්‍රය කරගනිමින් පැවැති වෙසක් කලාපය තුල තොරන් 03 ක්, ලොකු වෙසක් කුඩු 50 ක් සහ පොඩි අටපට්ටම් කුඩු 7500 ක්, දන්සල් 65ක්, බක්ති ගීත සංදර්ශන ඇතුළු අංග රැසක් සංවිධාන කර තිබිණි.
මෙම දින කිහිපය තුලම විශාල ජනතාවක් නුවරඑළිය නගර ට පැමිණි අතර ඔවුන්ට අවශ්‍ය සනිපාරක්ෂක පහසුකම් සැපයීමටත්, දිනපතා නගරය පිරිසිදු කිරීම ට මහා නගර සභාව ඇතුළු අංශ කටයු කර තිබිණි.
වෙසක් උත්සවය අවසන් වීමෙන් පසු නැවත නගරය පිරිසිදු කිරීම සහ වෙසක් කුඩු ප්‍රතිචක්‍රීකරණය කිරිමද මෙහිදී සිදු විය
මෙම අවස්ථාව ට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුබුර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
1
2
3
4
5
6