Featured News

“එක මිටට ගොවි බිමට” කෘෂිකාර්මික වැඩසටහනට සමගාමීව ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනයේ “අස්වැන්නට අරැණැල්ල” වැඩසටහන් මාලාව යටතේ, කෘෂි ක්ෂේත්‍රයේ රාජකාරි සිදු කරන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ 7 වෙනි වැඩසටහන 2025.09.29 වන දින නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනු වස් කෘෂි බෝගවල සිදු වන පසු අස්වනු හානිය අවම කිරීම මෙන්ම පසු අස්වනු තාක්ෂණය භාවිතා කරමින් කෘෂි කර්මාන්තය ආශ්‍රිත නව ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණ ඇතිව ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය මගින් "අස්වැන්නට අරුණැල්ලක් " තේමා පාඨය යටතේ එක ගමක එක ව්‍යවසායකයෙක් බිහි කිරීමේ පරමාර්ථය ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි .ඒ යටතේ නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නෝර්වූඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහි රාජකාරි සිදුකරන ආර්ථික සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ විදාතා නිලධාරීන් 150 කු සදහා පසු අස්වනු තාක්ෂණය සහ ඒ ආශ්‍රිත නව ව්‍යවසායක හැකියා මෙන්ම ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය මගින් ලබා ගත හැකි සේවාවන් පිළිබඳ මෙම වැඩසටහනේ දී දැනුවත් කරන ලදි.
මෙම වැඩසටහන සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් විජේරත්න මහතා , දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ G. N. හෙට්ටිආරච්චි මෙනෙවිය, ජාතික පසු අස්වනු කලමනාකරන ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රසන්ත මහතා, ප්‍රධාන පර්යේෂණ නිලධාරි ආචාර්ය වාසල මහතා, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි ගුණවර්ධන මහතා, තාක්ෂණ ප්‍රචාරණ අංශාධිපති ආචාර්ය මහින්ද මහතා, නුවරඑළිය දිස්ත්‍රික් මධ්‍යස්ථාන බාර නිලධාරී ලක්‌මිණි සෙනෙවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23