Featured News

ශ්රී ලංකාවේ ආපදාවට ලක්වු ජනතාව වෙනුවෙන් බංගලාදේශ රජය සහ ජනතාව පරිත්යාග කල ආධාර තොගයක් පිඩාවට පත් නුවරඑළිය ජනතාව වෙත පරිත්යාග කිරීම අද (04) දින සිදු විය.
නාවික හමුදා මූලස්ථානය මගින් ටොන් 9 ක් බරැති මෙම ආධාර තොගය නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දි දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙනුවෙන් ප්රධාන ගණකාධිකාරි දමයන්ති මහත්මිය සහ දිස්ත්රික් ආපදා කළමනාකරණ මාධ්යස්ථානයේ නියෝජ්ය අධ්යක්ෂ ලුතිනන් කර්නල් බණ්ඩාර මහතා විසින් බාර ගන්නා ලදි.
ඖෂධ, වියලි ආහාර ද්රවය, සහන සේවා සදහා යොදා ගන්නා ආරක්ෂිත සපත්තු, හිස් වැසුම්, අත් වැසුම්, කුඩාරම් ඇතුළු භාණ්ඩ රැසක් මෙම භාණ්ඩ තොගයට ඇතුළත් පරිත්යාග කල ඖෂධ තොගය සෞඛ්ය අංශ වෙත භාරදීම ද සිදු විය.
මෙහි පළමු වියලි ආහාර තොගය මාර්ග අවහිරවී ඇති මන්දාරම්නුවර සහන කදවුරු සදහා අතුරු මාර්ග වල (ඔෆ් රෝඩ්) ධාවන කලහැකි බයිසිකල් කණ්ඩායමක් විසින් ප්රවහාන කිරීම සිදු විය.
1
2
3
4
5
6