ජාතික රූපවාහිනිය මගින් සංවිධානය කල නැණ මිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය දෙවන දිනටත් නුවරඑළිය සිනෙසිටා ශාලාවේදී අද (16) දින පැවැත්විණි.
නුවරඑළිය අධයාපන කලාපයේ පහ වසර ශිෂ්‍යත්වයට සහභාගි වන දරුවන් වෙනුවෙන් සංවිධානය කල මෙම සම්මන්ත්‍රණයෙ සිංහල මාධ්‍ය සම්මන්ත්‍රණය ඊයේ පැවති අතර එහි
දමිළ මාධ්‍ය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද පැවැත්විණි.
මෙම සම්මන්ත්‍රණයට සමගාමීව ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් මෙහිදි සංවිධානය කර තිබිම විශේෂත්වයක්.
මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු නගර සභාව මහජන නියෝජිතයන්, නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
















