Featured News

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉපදී,ද්විතියික හා තෘතිය අධ්‍යාපනය හදාරා දැනට දිස්ත්‍රික්කය තුල, රට තුල හෝ විදේශයක ජිවත්වන සියලුම දෙනාගේ දැනුම හැකියාව, සම්බන්ධතා සහ සම්පත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මානව සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීම අරමුණු කරගත් "HELPING NUWARA ELIYA" වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අද (12) වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ නියෝජනය වන පරිදි ක්‍රියාත්මක වේ.
ඒ අනුව ප්‍රාථමික ද්විතියික හා තෘතිය අධ්‍යාපනය සදහා යොමු කරවීම.
- ළමා රැකවරණය හා ආරක්ෂාව.
- කාන්තාවන් සවිබල ගැන්වීම.
- පාරිසරික සංරක්ෂණය.
- සමාජ ආරක්ෂණ සේවා.
- වෘත්තීය පුහුණුව.
- මිනිස්බල හා රැකියා අවස්ථා ජනනය.
- පුහුණුව හා සංවර්ධනය තුලින් දැනුම හැකියාව හා කුසලත්වන්ගෙන් හෙබි පුරවැසියෙකු නිර්මාණය කිරීම.
- ක්‍රීඩා සංවර්ධනය තුලින් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලි පුද්ගලයෙකු බිහි කිරීම.
- තිරසාර කෘෂිකර්මය තුලින් දිස්ත්‍රික්කයේ ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම.
- කුඩා මධ්‍ය පරිමාන ව්‍යවසයිකයින් දිරිගැන්වීම.
- සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
- රාජ්‍ය නොවන සංවිධාන ස්වේච්ඡා සංවිධාන ප්‍රජා මුල සංවිධාන අන්‍යොන්‍ය සම්බන්ධත්වයකින් කටයුතු කිරීම.
අරමුණු කරගත් මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පුර්ණ මැදිහත්වීම මත ක්‍රියාත්මකවන අතර, විවිධ ක්ෂේත්‍ර වල නියුතු අයගේ දැනුම හැකියාව ශක්තිය සහ සමාජ සම්බන්ධතා දිස්ත්‍රික්කයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීම මෙහි මුලික පරමාර්ථයයි. ස්වේච්ඡා සංවිධායක් වශයෙන් ක්‍රියාත්මක "HELPING NUWARA ELIYA" වැඩසටහන කිසිදු මුල්‍යමය දායකත්වයන් අපේක්ෂා නොකරන අතර ලාභ නොලබන වැඩසටහනකි.
මෙම උත්සවයේදී "HELPING NUWARA ELIYA" වෙබ් අඩවිය ජනගත කිරීමද දිස්ත්‍රික් ලේකම්තුමන් අතින් සිදුකෙරිණ.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය ප්‍රාදේශීය ලේකම්තුමන්ලා තුමියන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විවිධ වෘත්තීන් වල නිරත වන පිරිසක් එක්ව සිටියහ.

314726133 442176131412382 8459264831662453138 n

 313438299 442176298079032 2563620080748485422 n

314615462 442176198079042 6893595061409182685 n

314977576 442176354745693 36535626242627970 n

315302353 442176238079038 5580950668525494619 n

315331636 441915294771799 201970397691266190 n

315354792 441915321438463 8552079657145938311 n