Featured News

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයවල 2025 වර්ෂයේ සැලසුම් සාකච්ඡා කිරීමේ විශේෂ වැඩ සටහනක් දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි පැවැත්විණි.
දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණ ඒකකය මගින් සංවිධානය කල මෙම වැඩ සටහන සදහා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන 30 ක් පමණ එක්ව සිටිහ.
එක් එක් සංවිධාන විසින් මෙම වර්ෂය තුල නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම ට සැලසුම් කර ඇති වැඩ සටහන් ඉදිරිපත් කල අතර එම වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාව ට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ශාලිකා ලිදකුබුර මහත්මිය, අඹගමුව,වලපනේ, කොත්මලේ සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරුන්, තලවාකැලේ සහකාර ප්‍රාදේශීය ලේකම් සහ නුවරඑළිය, වලපනේ, හගුරන්කෙත සහකාර සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
 
1
2
3
4