Featured News

BP-IPAC 2024 සම්මන්ත්‍රණයේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇගයේ.
----------------------------------------------
SLIDA ආයතනය විසින් සංවිධානය කරනු ලබන රාජ්‍ය පරිපාලනයේ හොඳම භාවිතයන් සහ නවොත්පාදන එළි දැක්වීමේ සම්මන්ත්‍රනයේ Digital Governance කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමත්විය.


මෙහිදී “දිස්ත්‍රික් තොරතුරු පද්ධතිය” හා “දිසාපතිට කියමු” පද්ධති සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ නිලධාරි බී. සත්‍යා උමේෂ් මහතා විසින් සිදුකළ ඉදිරිපත් කිරීම මෙලෙස සම්මානයට භාජනය විය.


දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සංකල්පයක් මත මෙම පද්ධතීන් නිර්මාණය කිරීම සිදු කරන ලදී. මේ සඳහා වෙහෙස මහන්සි වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් වෙත ස්තූතිය පුද කරන අතර, සහකාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු සියළුම මාණ්ඩලික නිලධාරින් හා සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහය දැක්වූ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දත්ත ඇතුළත් කරමින් සහය දැක්වූ සියළුම විෂය නිලධාරින් ඇතුළු සහය දැක්වූ දිස්ත්‍රික්යේ සියළුම නිලධාරින්ට ස්තූතිය පුද කරමි. එමෙන්ම, දැනට දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ලෙස සේවය කරනු ලබන හිටපු සහකාර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ළිඳකුඹුර මහත්මිය, හිටපු සංඛාලේකනඥ කේ.බී. විජේවර්ධන මහතා මෙන්ම දැනට මුදල් අමාත්‍යංශයේ සේවයේ කරනු ලබන තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ වන හිටපු තොරතුරු තාක්ෂණ සහකාර කේ. සුදර්ශන් මහතා වෙත මෙම ජයග්‍රහනය වෙනුවෙන් සිදු කළ කැපකිරීම් සම්බන්ධව ස්තූතිය පුද කරමි.


නව ප්‍රවේශය හා කැපවීම වෙනුවෙන් ලැබූ ජයග්‍රහනයක් වන මෙය නුවරඑළිය දිස්ත්‍රික්කයට ආඩම්බරයකි...........

432769640 734301208892119 2031788107707420846 n

432744557 734812115507695 5652348418809767659 n

432998290 734812102174363 4847436346777714517 n