Featured News

කර්මාන්ත අමාත්‍යංශය සහ කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් දිවයින පුරා සිටින ක්ෂුද්‍ර සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසයිකයින්ගේ සංවර්ධනය සදහා දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් 500 ක් ජාත්‍යන්තර තලයට සංවර්ධනය කිරීමේ අරමුණෙන් දීප ව්‍යාප්ත මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන "B500" ව්‍යාපෘතියේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 16 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.


මෙහිදී අදහස් පලකල කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තුමන් පවසා සිටියේ කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ආයතන සහ වෙනත් පාර්ශවයන් සමග සම්බන්ධ වී "දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රවර්ධන සභා" පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් ඒ යටතේ පළමු දිස්ත්‍රික් කර්මාන්ත සභාව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවන බවය.


" සුවිශේෂී වූ පාරිභෝගික සත්කාර සේවාවක් " යන මැයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට සම්පත් දායකත්වය සපයනු ලැබුවේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලසන්ත කාරියප්පෙරුම මහතා විසිනි. ඒ අනුව මෙම වැඩසටහනට ව්‍යවසයිකයින් 200 කට අසන්න පිරිසක් සහභාගී වී සිටියහ.


මෙම වැඩසටහනට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.

 

455828800 819816796981645 7712484431921002145 n

455960004 819817173648274 2076254169934122762 n

456279305 819817706981554 213976052615295894 n

456235355 819817600314898 5820432959027570754 n 1

456209755 819817726981552 4410268382891314612 n

455859967 819819280314730 6603584489110254043 n

455844582 819819266981398 5387202738709136450 n

455829388 819819340314724 6605738357808264939 n

455910548 819820786981246 367693505851373994 n

456164074 819820726981252 8444506904220984151 n

455693554 819820920314566 2298890985564794578 n

456046663 819817540314904 6897522780424392523 n