Featured News

×

Message

Invalid Page Request
සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පවත්වන ජාතික මලල ක්රීඩා තරගාවලියට සමගාමිව දිස්ත්රික් මට්ටමෙන් සුදුස්සන් තෝරාගැනීමේ නුවරඑළිය දිස්ත්රික් තරගාවලිය, නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මියගේ ප්රධානත්වයෙන් 2025.02.28 වන දින නුවරඑළිය මහනගර සභා ක්රීඩාංගණයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස හත නියෝජනය කරමින් විවිධ කාණ්ඩ යටතේ තරගකරුවන් මෙම තරගාවලියට සහභාගී වූ අතර මීටර් 100,200,400 යගුලිය දැමීම, හෙල්ලය විසිකිරීම, දුර පැනීම ඇතුළු ජවන හා පිටිය ඉසව් රාශියක් ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ ක්රීඩා ඉසව් වර්ගීකරණයට අනුව මෙම තරගාවලිය සමන්විත විය
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්රික් කාර්යාලය සහ ප්රාදේශීය ලේකම් කාර්යාලීය සමාජ සේවා අංශ මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවූ අතර නුවරඑළිය දිස්ත්රික් ක්රීඩා සංවර්ධන අංශය සහ ක්රීඩා නිලධාරීන් මෙහි තරග විනිශ්චය කටයුතු සිදු කළහ.
මෙම අවස්තාවට නුවරඑළිය අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුඹුර මහත්මිය.රාජ්ය නිලධාරීන් teafield ආයතනයේ නිලධාරීන් CBR ස්වෙච්චා සේවකයන්, ස්වශක්ති සංවිධානවල නිලධාරීන්, ආබාධ සහිත වුවන්ගේ දෙමාපියන්- භාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
481906225 953893503573973 2991625605806985269 n
482078065 953893720240618 3947278722283442608 n
480720651 953893773573946 1030351854808092760 n
481255725 953893920240598 6814399340092804932 n
481085402 953893520240638 3861822958275564859 n481236035 953893836907273 12385279476290729 n
481450614 953894013573922 2936754854396958738 n
481274143 953893596907297 4726598615187169978 n
481072699 953894050240585 8948621246605192249 n
480810914 953893570240633 1689771642583660515 n481336331 953893683573955 2378954759214171523 n
481256335 953893796907277 6639338850462134965 n
481005414 953893636907293 6471278103594152741 n
481006624 953894070240583 4759323636172711552 n
480999945 953893660240624 775114075241060996 n