Featured News

×

Message

Invalid Page Request
හදිසි ආපදා හේතුවෙන් විපතට පත් නුවරඑළිය ජනතාවට අවශ්ය සහන සැළසීම සහ ජන ජීවිතය නගා සිටවීමේ කටයුතු වෙනුවෙන් කළුතර දිස්ත්රික් ජනතාව සහන යාත්රාව අද (02) නුවරඑළියට පැමිණියා.
ආධාර රැගෙන පැමිණි කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය ප්රමුඛ කණ්ඩායම පිළිගැනීම ගිනිගත්හේන නගරයේ දි පැවැත්වුණේ නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා ප්රමුඛ මහජන නියෝජිතයන් සහ දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු ප්රදේශවාසී ජනතාව විසිනි.
මෙම පිරිස නුවරඑළිය දිස්ත්රික්කයේ ආපදා සිදුවු ප්රදේශවලට ගොස් සහන සැළසීම සහ ජන ජීවිතය නග සිටවීමට ඇතුළු කටයුතු සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාව ට නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කලෙයි චෙල්වි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටිහ.
 
592910275 1194119316243637 1037326063602786433 n593333338 1194119212910314 4599262218163856569 n594036710 1194119539576948 2103103370674110137 n594047214 1194119479576954 4854801479509953890 n594068917 1194119402910295 5896451193070708839 n