Featured News

උප්පන්න සහතික නැති දරුවන් සඳහා උප්පන්න සහතික ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකල යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පසුගිය දා පැවැති දිස්ත්‍රික් ළමා හා සංවර්ධන කමිටුවට එක්වෙමින් ඇය සදහන් කලේ අධ්‍යාපනය ඇතුළු දරුවන්ගේ සියලු කටයුතු සදහා උප්පැන්න සහතිකය අත්‍යවශ්‍ය බවත් , ඒ හේතුවෙන් මිලග දිස්ත්‍රික් ළමා කමිටුව ට පෙර දිස්ත්‍රික්කයේ සියලු ළමුන්ට උප්පැන සහතික ලබාදීම සැමගේ වගකීම බවත් ය.

දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කමිටුව සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් නිලධාරි සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීම විශේෂත්වයකි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ උප්පැන්න සහතික නොමැති ළමුන් 209 ක් හදුනා ගන ඉන් සියයට 50 වැඩි පිරිසකට මේ වන ව්ටත් උප්පැන්න සහතික ලබාදි ඇති බව මෙහිදී අනාරණය විය.
විදේශ ගත වන මව්වරුන්ට අයත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂණ සැලසුම් සකස් කිරීම,පාසල් නොයන දරුවන් පාසල් ගත කිරීම, ළමා අපයෝජනය සඳහා ගොදුරු වීමට අවධානමක් ඇති දරුවන් සඳහා ආරක්ෂාව සහතික කිරීම, අනාරක්ෂිත දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වෙන කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.
මෙම අවස්තාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ශාලිකා ලිදකුඹුර , සහකාර දිස්ත්‍රික් ලේකම් භාෂනි සමරතුංග, අතිරේක දිස්ත්‍රික් රේජිස්ටාර් අයි. කුමාරසිංහ, දිස්ත්‍රික් ලමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී උපුල් විජේරත්න.යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටිහ.

1

2

3