කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් ගැටළු විසදීමේ විශේෂ ජංගම සේවා වැඩසටහන යටතේ නව කඩදොර, ඩෙල්ටා ගැමුණු පුර හා රජ ඇළ ග්‍රාම නිලධාරී වසම් වල පැවැති ඉඩම් ගැටළු විසඳීමේ විශේෂ ජංගම සේවාව පසුගිය දා නවකඩදොර සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි පැවැත්විණි.
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් සුරංගි පෙරේරා මහත්මියගේ මගපෙන්වීම මත පැවැති මෙම ජංගම සේවය සඳහා නුවරඑළිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉඩම් අංශයේ නිලධාරීන් සහ නවකඩදොර, ඩෙල්ටා ,රජ ඇළ වසම් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් හා සේවා ලාභීන් විශාල පිරිසක් සහභාගි වුහ.
මෙහිදී ඉඩම් සම්බන්ධයෙන් ජනතාවට බලපෑ ගැටළු රැසකට විසඳුම් ලබාදීමට හැකි වි තිබේ.















