නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේ පසුගියදා සිදු වූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් පිං පැමිණවීම සඳහා විශේෂ සර්ව ආගමික පිංකමක් එලබෙන 27 වන සිකුරාදා දීන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී සිදු කිරීමට සැලසුම් කර තිබේ.
මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික පුජකතුමන්ලාගේ අනුශාසනා පරිදි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මූලිකත්වයෙන් මෙම පිං පැමිණවීමේ සර්ව ආගමික වතාවත් සිදුකිරීම නියමිතය.
සෙත් පිරිත් දේශනාව, මතක වස්ත්‍ර පුජාව සහ මහා සංඝරත්නය උදෙසා දහවල් දානය පූජාකිරීම, අන්‍ය ආගමික වතාවත් සිදුකිරීම, ආගමික පූජකතුමන්ලා වෙනූවෙන් දානය පුජා කිරිම ඇතුළු පිංකම් සිදුකර රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වු පිරිස වෙත පිං පැමිණවීම සහ තුවාල ලැබූවන්ට නිරෝගි සුව ප්‍රාර්තනා කිරිමට මෙහි මුලික අරමුණ වේ.
- You are here:
-
Home
-
Internal Affairs Unit
-
Ethics and Code of Conduct
-
News & Events
- රදැල්ල මාර්ගයේ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට පිං පැමිණවීම සඳහා විශේෂ සර්ව ආගමික වතාවත්...












