නුවරඑළිය සංචාරක සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අප්‍රේල් 24 වනදා ඉදිරිපත් කල සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර මධ්‍යම පලාත් ආන්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමටද එමගින් යෝජනා කර ඇත.
ඒඅනුව නුවරඑළිය සංචාරක සැලැස්ම සකස් කිරීමේ කාර්ය සාධක බලකායේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මධ්‍යම පලාත් ආන්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.08 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
නුවරඑළිය නගරයේ සිදුවන අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් නගරයේ සුන්දරත්වයට දැඩි බලපෑමක් සිදුවන අතර එය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. ජනාධිපති කාර්යාලයේ පූර්ණ මැදිහත්වීම මත නුවරඑළිය සංචාරක සැලැස්ම සකස් කිරීම සහ නව ගොඩනැගිලි ඉදිකිරීම නියාමනය කිරීම සම්බන්ධව මෙම කාර්ය සාධක බලකාය ස්ථාපනය කර ඇති අතර 2023.05.01 වැනි දින සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 ට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම් සීමා කරමින් නාගරික සංවර්ධන අධිකාරී පණතේ රෙගුලාසි පැනවීමටද මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් යෝජනා වී ඇත.
මෙම සාකච්ඡාවට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරන් මහතා.
මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම්තුමා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
- You are here:
-
Home
-
Internal Affairs Unit
-
Ethics and Code of Conduct
-
News & Events
- නුවරඑළිය සංචාරක සැලැස්ම සකස් කිරීමට කාර්ය සාධක බලකායක්












