මෙවර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලංකාවේ පළමු ස්ථානයට පත් වූ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ෂෙහානි නවෝද්‍යා සිසුවිය ඇගයීමේ උත්සවයක් 2024.06.13 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ .
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක "HELPING NUWARA ELIYA" වැඩසටහන යටතේ මෙම දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට අදාලව ශිෂ්‍යත්ව ලබාදීම, අධ්‍යාපන උපකරණ ලබාදීම සහ සහ මුල්‍ය පරිත්‍යාගයන් ලබාදීම සිදුකරන ලදී.
හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ උසස්පෙළ හැදෑරු ෂෙහානි සිසුවිය නිවෙස පිහිටා ඇත්තේ ගිනිගත්හේන හබ්බකන්ද ප්රදේශයේය. ඇයගේ දෙමාපියන් ගේ ජීවිකාව වන්නේ සුළු පරිමාණයේ තේ වගාවයි. දැඩි දුෂ්කරතා මධ්‍යයේ තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නිරතවූ ඇයගේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් අඹගමුව කෝරලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ. Happy Homes Foundation, Berendina, E4D Maskeliya , world Vision ,SATT යන ආයතන මගින් මෙම වැඩසටහනට දායකත්වය සපයන ලදී.
මෙම වැඩසටහනට අඹගමුව ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මිය හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන්. ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

















