නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්‍රාදේශීය ලේකම් සමුළු පැවැත්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් සමුළුව පැවැත්වීම සිදුවිය.
මෙහිදි අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සඳහන් කලේ දිස්ත්‍රික්කයේ සෑම කාර්යාලයකම එකම රටාවකට අනුව නව තාක්ෂණය භාවිතා කරමින් කටයුතු කිරීම මගින් රාජ්‍ය සේවය තුලින් ජනතා සේවය වඩාත් පහසු කරගත හැකි බවය.
එලෙස කටයුතු කිරීම සඳහා කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශිය ලේකම් සමුළු පවත්වමින් පවතින අඩුපාඩු සකසා ගත හැකි බව ද දිස්ත්‍රික් ලේකම් වරයා තව දුරටත් පැවසීය.
ප්‍රාදේශීය ලේකම්වරු සහ මාණ්ඩලික නිලධාරින් මෙම සමුළුවට සහභාගි වු අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආයතන පරික්ෂාවට ලක් කිරීම ද මෙහිදි සිදු විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය - නුවරඑළිය


































