හගුරන්කෙත ප්රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් අද (10 ) දින හගුරන්කෙත ප්රාදේශීය ලේකම් කාර්යාලයෙ දි සාර්ථකව පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ දිස්ත්රික්කයේ සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්රාදේශීය ලේකම් සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි දෙවන සමුළුව හගුරන්කෙත ප්රාදේශීය ලේකම් කාර්යාලයෙදි මෙලෙස පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ ප්රාදේශීය ලේකම්වරැ මෙම සමුළුවට සහභාගි වු අතර හගුරන්කෙත ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන පරික්ෂාවට ලක් කිරීම ද මෙහිදි සිදු විය.
මෙයට සමගාමිව හගුරන්කෙත ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ හමුවක් ද දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.












