Featured News

 ජාතික උරුම ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන කන්ද උඩරට උරුමය වෙනුවෙන් පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත මණ්ඩලය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්,දහම් පාසල් සහ පළාත් පාලන ආයතන වල පුස්තකාල සදහා ඓතිහාසික වටිනාකමකින් යුත් පොත් කට්ටල ලබා දීමේ වැඩසටහනක් 2022.01.19 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් හතළිහකට, පළාත් පාලන ආයතන දොළහකට සහ දහම්පාසල් අටකට කන්ද උඩරට උරුමයට අදාල ඓතිහාසික වැදගත් කමකින් යුත් පොත් කට්ටල ලබාදීම මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පුජ්‍ය ාවනාගොඩ නන්දසාර හිමියන් ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාල කන්ද උඩරට උරුමය අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා එම්.පී.ඩබ්.ශිරෝමනි මහත්මිය,කන්ද උඩරට උරුමය වෙනුවෙන් පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති මහාචාර්ය හේරත් මහතා ඇතුළු දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්,විදුහල්පතිවරුන්,පුස්තකලයධිපතිවරුන් පිරිසක් සහභාගී වුහ.

 

272119172 234258062204191 2494995935715612501 n 271594161 234257865537544 6383552565474670514 n

 272240817 234258028870861 3159703814383522562 n 272197888 234257958870868 364948496143822070 n

272137610 234257932204204 5650085082026651981 n 272085649 234258088870855 8943963793258385822 n

272030798 234257998870864 2870724573789856914 n 271604195 234257888870875 3204765734618634162 n

271590341 234257838870880 7483887236123479266 n