නුවරඑළිය දිස්ත්‍රික්කයේ, රාගල , සිල්වර් කැන්ඩි ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් ගම්මැද්ද වැඩසටහන මගින් ලබාදුන් පානීය ජල වයාපෘතිය දරුවන් සතු කිරිමේ උත්සවය අද (18) දින පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ ගම්මැද්ද ප්‍රධානි ෂෙවාන් ඩැනියල් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය සදහා පාසල් දරු දැරියන් විසින් සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කිරීම විශේෂිතයි.






















