
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත්, මස්කෙළිය ප්‍රදේශිය සභාව සදහා සමාජවාදී සමානතා පක්ෂත් සිය නාම යෝජනා ලබාදීම අද (20) දින මධ්‍යහ්න කාලයේ දි සිදුකල බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවැසීය.
පලාත් පාලන මැතිවරණය 2023, නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාලව නාම යෝජනා භාරගැනීම තුන්වන දිනටත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි අද (20 ) දින උදැසන ආරම්භ විය.
නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි, සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිස් කේ.ඒ. එල්. එස්. කලුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා ලබාගැනීම සිදු විය.
නාම යෝජනා ලබාගත් පලමු (18) දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 12 සදහාම ජාතික ජන බලවේගය නාම යෝජනා ලබාදීම සිසුවිය.












