සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (17දා) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී කිරි උතුරවා ආශිර්වාද ලබා ගනිමින් රාජකාරී ආරම්භ කළ අතර, මෙම අවස්ථාවට සියලුම මාණ්ඩලික නිළධාරීන්, අංශ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක්ව සිටිහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
නුවරඑළිය.




















