නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපස පිහිටා ඇති වෙළඳ සංකීර්ණය නවීකරණ කටයුතු වලින් පසුව විවෘත කිරීම, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024.09.13 වන දින සිදුකෙරිණ.
නුවරඑළිය සංවර්ධන සැළැස්මට සමගාමීව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී කාන්තා ව්යවසයිකවන්ගේ ආර්ථික තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වැඩසටහන් මාලාවේ එක වැඩසටහනක් ලෙස මෙම වෙළද සංකීර්ණය නවීකරණය කිරීමේ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ පුර්ණ මගපෙන්වීම සහ USAID SCORE ක්‍රියාකාරකමේ මුල්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරන ලදී.
මෙම ව්‍යාපෘතිය යටතේ, කාන්තා වයවසායිකාවන් 30 දෙනෙකුගෙ නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය පහසුකම් සපයමින් නවිකරණ කටයුතු සිදුකර ඇත.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් USAID SCORE ක්‍රියාකාරකමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය



































