Featured News

2025 වර්ෂයේ ශ්රී ලංකාවේ රාජ්ය වෙසක් උත්සවයට සමගාමීව සිදුකරනු ලබන සියම් ලංකා ධර්ම යාත්රා වැඩ සටහනේ භික්ෂුන් වහන්සේලා පාද චාරිකාවෙන් නුවරඑළිය ට වැඩම කරවීම අද පෙරවරුවේ සිදු වුහ.
බණ්ඩාරවෙල නගරයේ සිට නුවරඑළිය දක්වා මැයි මස 07 සිට ගමන් ආරම්භ කල මෙම ධර්ම යාත්රා පාද චාරිකාව පළමු දිනය බණ්ඩාරවෙල සිට දඔවින්න දක්වාත්,
දෙවන දිනය දඔවින්න සිට දිවුරුන්වෙල දක්වාත්, තුන්වන දිනය දිවුරුම්වෙල සිට හග්ගල දක්වා පැවැත්වු අතර සිව්වන දිනය වන අද හග්ගල සිට නුවරඑළිය දක්වා වැඩම කරවීම සිදු වුහ.
මග දෙපස රැස්වු බෞද්ධ මෙන්ම අන්යාගමික ජනතාව ද එක්ව මාර්ගයේ මල් අතුරමින් මෙම පාද චාරිකාවේ නිරත ස්වාමීන්වහන්සේලාට පුද සත්කාර කිරීම සිදු විය.
නුවරඑළිය නගරය ට පැමිණි සියම් ලංකා ධර්ම යාත්රා වැඩ සටහනේ භික්ෂුන් වහන්සේලා ගාමිණී ජාතික පාසල අසලදී දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය විසින් පිළිගැනීම සිදු විය.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බළමණ්ඩයේ ගරු ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ නිර්මාතෘ මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමින්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ මග පෙන්වීමත් මත මෙම වැඩ සටහන සිදු කර තිබේ.
මෙම පාද චාරිකාවේ පැමිණි මහා සංඝරත්නය ඇතුළු සංඝයාවහන්සේලා 500 ක් විෂයෙහි දහවල් දානය පුජා කිරීම බඹරකැලේ ශ්රි මහා විහාරයේ දි සිදු විය.
1
2
3
4
5
6
7
8
9