මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල "රටට ණය නැති වැඩකරන පරපුරක්" තේමාව යටතේ කරනු ලබන වෘත්තීය මාර්ගෝපදේශන සතිය ඔක්තෝම්බර් 04 සිට 10 දක්වා මාර්ගගත මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ. බෝධිමන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට ආරම්භ විය.
වෘත්තීය මාර්ගෝපදේශනයේ වැදගත්කම හදුන්වා දීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර පාසල් සිසුන් විශ්වවිද්‍යාල සිසුන් රැකියා අපේක්ෂිතයින් ගුරුවරුන්,ව්‍යවසායකයින් වෘත්තිකයින් මෙම වැඩසටහනේ ඉලක්කගත කණ්ඩායම් වේ.
- දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නුවරඑළිය













