කෘෂිකාර්මික කටයුතු කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධනය සඳහා දිරි දීම පිණිස තෝරා ගනු ලැබූ ප්‍රතිලාභීන් වෙත අවශ්‍ය භාණ්ඩ බෙදා දීම අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී .
වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමෘද්ධි සංවර්ධන ව්‍යවසාය සංවර්ධන හා සමාජ සේවා කාර්යාංශයන් මගින් නිර්දේශ කරන ලද ප්‍රතිලාභීන් වෙත මෙහිදි භාණ්ඩ සහ ආධාර බෙදා දීම සිදු කල අතර එ සඳහා වෙන්කරන ලද මුදල රුපියල් හැත්තෑ හය ලක්ෂ පනස් දහස් තුන්සිය හතලිස් හතකි.
මෙහිදී එක් ගමකට එක් ව්‍යවසායකයෙක් වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් විසි තුන් දෙනෙකුට ඕලොක් මැෂින් ද එක් අයෙකුට ඔටෝ බීටරයක් ද ප්‍රධානය කිරීම සිදු විය.
සමෘද්ධි ජීවනෝපාය වැඩසටහන යටතේ බෙහෙත් ඉසින ටැංකි 111ක් ද වල් කපන යන්ත්‍ර හතළිස් හතක්, විදුලි වැට උපකරණ හතළිස් තුනක්, වතුර මෝටර් හතක්, ඇල්කතීන් බට විසි හයක්, වී හුලං කරන මැෂිමක් සහ ශීතකරණයක් ඇතුළු භාණ්ඩ ප්‍රධානය කිරීම සිදු විය.
එසෙම සමාජසේවා සත්කාරක අංශය මගින් අඩුආදායම්ලාභී පවුල් 13ක් සඳහා රුපියල් දෙදහක වටිනාකමින් යුත් බඩුමලු ද අඩු ආදායම්ලාභී වැඩිහිටියන් එකොළොස් දෙනෙකු සඳහා මුදල් ආධාරද කුඩා ආබාධිත දරුවෙකු වෙනුවෙන් comod වැසිකිළියක් ද අඩු ආදායම්ලාභී වැඩිහිටියෙකු වෙනුවෙන් ඇඳක් සහ මෙට්ටයක් ද ලබා දීමට කටයුතු කර තිබුණි .
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළුන මහජ නියෝජිතයින්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, වලපනේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු පිරිසක් සහභාගි වුහ.













