Featured News

යම් අවස්ථාවක ආහාර අර්බුදයක් පැමිණියහොත් ඊට මුණ දීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනිම සඳහා වගා සංග්‍රාම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වලපනේ ගල්කඩවල ග්‍රාමසේවා වසමේදි ආරම්භවිය.
දිස්ත්‍රික්කයට අයත් සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම ගම්මාන සහ වතු කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.
මෙහිදි අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සඳහන් කලේ දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයින් විසින් බහුලව පරිභෝජනය කරණු ලබන ආහාර වර්ග හදුනාගන ඇති බවත් ඒවා දිස්ත්‍රික්කය තුලින් හෝ බැහැරින් සපයාගත යුතුව ඇති බවත් දිස්ත්‍රික්කය තුලින්ම අදාල ආහාර වර්ග නිෂ්පාදනය වැඩි කිරීම සහ ආදේශක ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ජනතාව දිරි ගැන්වීම මෙමගින් සිදු කරන බවයි .
පුරන් කුඹුරු සහ වතු ආශ්‍රිත වගා කල හැකි ඉඩම් වල කෙටි කාලින දේශිය අල ‌බෝග වගා කිරීම, ගෙවතු වගාව දිරිගැන්වීම, කිතුල් පැණි කර්මාන්තය, මිරිදිය මත්ස්‍ය වගාව, කුකුළු පාලනය, බද්ධ කොස් පැල 1000 සිටවීම. කිරි ගොවින් දිරිගැන්වීම වැනි කටයුතු මෙම වැඩසටහන යටතේ සිදු කරන බවත්, ඒ සඳහා කෘෂිකර්ම අංශය, ක්ෂේත්‍ර නිලධාරින්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ව කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා තව දුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා ‌බෝධීමාන්න, ප්‍රාදේශිය ලේකම් ආර්.ඒ. වි‌‌ජේසිංහ, සහකාර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිදකුඹුර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

 

281698582 321966563433340 1484591821943147557 n

281561926 321966573433339 7027063015217317994 n

282033506 321966656766664 8232912788100313675 n

282775785 321966620100001 5590001550396713180 n